කොවිඩ් පනත ගැන කතානායකගෙන් නිවේදනයක්


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

කොවිඩ් 19 තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇති පෙත්සමක පිටපතක් තමාට ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (22) දැනුම් දුන්නේය .

මේ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1)ව්‍යවස්ථාව ප්‍රකාරවය. කතානායකවරයා මේ ප්‍රකාශය කළේ සභාවේ කටයුතු ආරම්භයේදීය.