කොවිඩ් දරුවන්ගේ අඩුවක්


(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ්  ආසාදිතව කොළඹ  රිජ්වේ ආර්යා ළමා රෝහලට දෛනිකව ඇතුළත් කෙරෙන දරුවන් සංඛ්‍යාව 10 දක්වා අඩු වී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ලංකාදීපයට  පැවැසීය.

කොවිඩ්  ආසාදිත දරුවන්  30ත් 40ත් අතර සංඛ්‍යාවක්  මෙයට  පෙර දෛනිකව රෝහල්ගත කෙරුණු බවද  හෙතෙම සඳහන් කළේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැනට ප්‍රතිකාර ලබන කොවිඩ්  ආසාදිත දරුවන් සංඛ්‍යාව 72කි.

එම සංඛ්‍යාව මෙයට සතියකට පමණ පෙර  දෙසියේ සීමාවද   ඉක්මවා ගොස්  තිබූ බව රෝහලේ වෛද්‍යවරු පවසති.

රෝහලේ  දැඩි සත්කාරය එකකින් දැනට ප්‍රතිකාර ලබන දරුවන් සංඛ්‍යාව 3 කි.

මේ අතර කොවිඩ්  ආසාදිතවන දරුවන්   නොපමාව රෝහල්ගත කිරීමට පියවර ගන්නැයි  රෝහල්අ ධ්‍යක්ෂවරයා මව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

දරුවන්ට කොවිඩ්  ආසාදනයවීම    ඉහළ ගියේ ඩෙල්ටා සැර කොරෝනා වයිරස  ප්‍රභේදය ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමග බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.