
(ජයන්ත නානායක්කාර සහ අජිත්ලාල් ශාන්ත උදය)
කොළොන්න උල්ලිදුවාව ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලිකරුවෙක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොළොන්න පොලීසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ කොළොන්න උල්ලිදුවාව අප්ටන්වත්ත ලිපිනයේ පදිංචි හිරිඹුරගේ කුමාරසේන ( 61)නැමති විවාහක එක් දරු පියෙක් වන වතු හිමියෙකි.
නිවසට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ඉඩමක තේ වගා කර ගැනීමට ඇති බව පවසා ඉහල මාලයේ සිටි ඉඩම් හිමි වැවිලිකරුවා ට නම කියා කතා කර තිබේ.
එහිදී ඔහු පහළ මාලයට පැමිණ කතා කර ඇති අවස්ථාවේදී යතුරුපැදිකරුවන් දෙදෙනා ඔහුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙම මිය ගිය ඉඩම් හිමියා මුඩු ඉඩම් කොන්ත්‍රාත් පදනම මත වෙනත් පුද්ගලයින්ගේ ලබාගෙන ඔවුන්ට තේ වගා කර දීම ව්‍යාපාරයක් හැටියට කරගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.



