කොල්ලුපිටියේ වෙළඳ සංකීර්ණයක කොල්ලයක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයකට ගිනි අවියක් රැගෙන කඩාවැදුණු නාඳුනන පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනාකමින් යුත් දුරකථන අඩංගු බෑගයක් ඊයේ (26) සවස කොල්ලකා පලා ගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි

වෙළඳ සංකීර්ණයට පැමිණි පුද්ගලයා පිස්තෝල වර්ගයේ අවියක් පෙන්වා මෙම කොල්ලය සිදුකර යතුරු පැදියක නැගී පලා ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි

කොල්ලකෑම සම්බන්ධයෙන් එම ආයතනයේ සේවය කරනු ලබන පුද්ගලයෙක් සම්බන්ධයෙන්ද සැකයක් හටගෙන ඇතැයිද , අදාළ කොල්ලය සීසීටීවී කැමරාවක සටහන්ව ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි