කොල්ලකරුවෙක් සොරාගත් බඩු සමඟ මාට්ටු


(එච්.එම්.ධර්මපාල)

පොලිස් නිලධාරීයෙකුට පහරදී ගිනි අවිය උදුරාගෙන රන්භාණ්ඩ වෙළද සැලක් කොල්ල කෑමට සැලසුම් කළ අයෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි.

සොරාගත් යතුරු  පැදිවලින් ගොස් මංකොල්ල කෑම් සිදුකරන මෙම පුද්ගලයා  හෙරොයින්, තියුණු මන්නා පිහියක්ද ,  සොරාගත් ස්කූටි වර්ගයේ යතුරු පැදියක් , සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. 

සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචිව සිට කොළඹට පැමිණ සිටින වයස අවුරුදු (31) ක්ද වන පාතාල කල්ලියකට අයත් සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලබන බවටත් තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී රන් භාණ්ඩ වෙළදසැල කොල්ල කෑම සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.