
(රංජිත් රාජපක්ෂ )
කොත්මලේ ජලාශයේ වේල්ල මතින් බර වාහන ධාවනය කිරිම සම්පූර්ණයෙන්ම තහනම් කළ බවත්, අවහිර වී ඇති මාර්ග යථා තත්වයට පත් වන තෙක් සැහැල්ලු වාහන පමණක් ජලාශ වේල්ල මතින් ධාවනය කිරිමට අවසර දෙන බවත් මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ජෙනරාල් එච්.එම්.ජේ. හේරත් මහතා පැවසීය.
එමෙන්ම කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම සම්බන්ධයෙන් මේ දිනවල පැතිරෙන කටකථා අසත්‍ය බවත්, විද්‍යාත්මක සහ දත්ත පදනම් කර ගනිමින් ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට කොත්මලේ ජලාශභාර ඉංජිනේරුවන් පියවර ගෙන ඇති බවත් අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසීය.
අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඊයේ (09) දින පස්වරුවේ කොත්මලේ ජලාශ වේල්ල නිරික්ෂණය කිරිමෙන් අනතුරුව කොත්මලේ මහවැලි සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඒ බැව් පැවසීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියා සිටියේ ඉදිරියෙදි කොත්මලේ ජලාශෆය් වාන් දොරටු විවෘත කිරිමට ප්‍රථම ජනතාව දැනුවත් කිරිමට දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයට වඩා වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවයි.


