කොරෝනාවෙන් මියයන ගාල්ලේ මුස්ලිම් ජාතිකයන් භුමදානයට ස්ථාන හතරක්


(ඩී.ජී. සුගතපාල)

කොරෝනා වෛරසය ආසාදිතවී මියයන ගාල්ල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භුමදානය සඳහා ස්ථාන හතරක් නම් කර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත්, ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාටත් යැවු බව ගාල්ල දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන භාරකරුවන්ගේ සංගමයේ සභාපති අල්හාජ් මොහොමඩ් සුහුරුද්දින් මහතා පවසයි.

ගාල්ල කටුගොඩ පුංචිවත්ත පල්ලිය පිහිටි ඉඩම, හාලිවල මුස්ලිම් පල්ලිය පිහිටි ඉඩම, නාවින්න මුස්ලිම් පල්ලිය පිහිටි ඉඩම සහ ඔසනගොඩ මුස්ලිම් පල්ලිය පිහිටි ඉඩම එම ස්ථාන හතර වේ.

මෙම ස්ථාන හතරම ජල උල්පත් නැති උස් බිම්වල පිහිටා ඇති බවත් එම නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට කිසිදු බලපැමක් ඇති නොවන බවත් මෙම ස්ථානවලින් එකක් හෝ දෙකක් අනුමත කරනු ඇතැයි බලාපොරොත්තුවන බවත් මොහොමඩ් සුහුරුද්දින් මහතා පවසයි.