(ඉන්දිකා රාමනායක)
කොරෝනා වයිරසය ආසාදිතයින් වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය බවත් කොළඹ දිස්ත්‍රික්කයේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 33 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කයට අමතරව වැඩිම වැඩිම අවසානමක් ඇත්තේ පුත්තලම දිස්ත්‍රිකයට පුත්තලම දිස්ත්‍රික්කයේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 25 ක් බවද එම අංශය සඳහන් කරයි.
සෙසු දිස්ත්‍රික්ක වල මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් අතර කලුතර දිස්ත්‍රික්කයේ 24 දෙනකු, ගම්පහ දිස්ත්‍රික්කයේ 11 දෙනකු මහනුවර, යාපනය, යන දිස්ත්‍රික්ක වලින් සිව්දෙනා 4 බැගින් ද, රත්නපුර දිස්ත්‍රික්කයේ 3 දෙනකු, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙදෙනකු, කෑගල්ල, ගාල්ල, මඩකලපුව, මාතර යන දිස්ත්‍රික්කවලින් එක් රෝගියා බැගින් වාර්තා වී ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

