කොරෝනා රාජකාරි කරන සෞඛ්‍ය අංශවල සෙසු අයටත් අමතර දීමනාවක්


(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය අංශ වල සෙසු කාර්ය මණ්ඩල සඳහා ද අමතර දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .

ඒ අනුව සෞඛ්‍ය අංශයේ සෙසු කාර්ය මණ්ඩල සඳහා රුපියල් 7500ක අමතර මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අනුමැතිය හිමිව තිබේ . කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින වෛද්‍යවරුන් සඳහා අමතරව මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ තීරණය කළ අතර ,අමතර දීමනාවක් තමන්ටද ලබාදෙන්නයි ඉල්ලා සෞඛ්‍ය අංශයේ සෙසු කාර්ය මණ්ඩල ද පසුගිය සතියේ විරෝධයක් ගෙන ගියේය .