කොරෝනා මර්දනයට යතුරු පැදි හමුදාවක්


 

(සිරංගිකා ලොකුකරවිට)

කොරෝනා වසංගතය තවදුරටත් ගාල්ල නගරය හා ඒ අවට ප්‍රදේශවල පැතිරීම වැළැක්වීම සඳහා යතුරුපැදි 10 කින් යුත් හමුදා කණ්ඩායමක් යෙදවීමට අද (18) පැවැති ගාල්ල දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුවේ දී තීරණය කළ බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී.ද සොයිසා මහතා පවසයි.

පුද්ගලයන් අනවශ්‍ය ලෙස ඒකරාශීවීම, අනවශ්‍ය ගමන්බිමන්වල යෙදීම, සෞඛ්‍ය නීති පිළිපැදීම පිළිබඳව මෙම යතුරුපැදි බල ඇණිය විසින් සොයා බලන අතර මඟ හමුවන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය අහඹුු ලෙස පරීක්ෂා කිරීමට ද නියමිතය.

මෙම යතුරුපැදි බල ඇණිය සඳහා අවශ්‍යකරනු ලබන වියදම් දකුණු පළාත් සභාවෙන් ලබාදෙන බව ද ප්‍රධාන ලේකම්වරයා කීවේය.