කොරෝනා මරණ 212ක් වාර්තා වෙයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 212 දෙනකු ඊයේ  මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 8,583 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 173 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 37 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු දෙදෙනෙක් ද වෙති.

මියගිය අය අතරින් 109 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 103 දෙනෙක් වෙති