(නිමල කොඩිතුවක්කු)
පැතිරෙන කොරෝනා වසංගතය පාලනය වේවා යන පැතුම පෙරටු කර ගනිමින් ජීවිත අහිමි වූ සියලු දෙනා අනුස්මරණය කිරීමට හෙට (03) පස්වරු හයට සෑම නිවසක් තුළම පහනක් දල්වන මෙන් සමගි ජනබලවේගය සියලූම රටවැසි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ මොහොතේ කොවිඩ් ආසාදිතව රෝහල්වල සහ නිවෙස්වල ප්‍රතිකාර ලබන පිරිසට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් කෝවිඩ් මර්දනයට කැපවී සිටින වෛද්‍ය, හෙද හෙදියන් ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයටත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සමස්ත ශ්‍රේෂ්ඨ නිලධාරීන්ටත් පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවටත් ආරක්ෂාව සහ සුවතාවය ප්‍රාර්ථනා කිරීම මෙහි අරමුණ බවත් සමගි ජන බලවේගය සඳහන් කරයි.
රට තුළ මේ වසංගතය තුරන් වීමට හේතු වේවා යයි සියලු දෙනාම එකම සිතිවිල්ලක් සිතමින් හෙට පස්වරු හයයි හයට ප්‍රාර්ථනා පහන දැල්වීමට දායකවන ලෙසත් සමගි ජන බලවේගයේ සම මාධ්‍ය ප්‍රකාශක වරුන් වන එස්. එම් මරික්කාර් සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

