
(රොමේෂ් මධුෂංක)
යාපනය නගරාධිපතිවරයා ඇතුළු 18 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු යාපනය පොළ තාවකාලිකව වසාදැමීමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
යාපනය ප්‍රදේශයේ 660 දෙනකුට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් මෙම ආසාදිතයන් සොයාගෙන ඇත.
ආසාදිතයන් අතර යාපනය පොළේ වෙළෙඳුන් නව දෙනකු සිටින බව ද සෞඛ්‍ය අංශ පවසයි.
තවත් පී.සී.ආර් පරීක්ෂණවර්තා ඉදිරියේදී ලැබීමට නියමිතව ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.

