කොරෝනා ගැන අසත්‍ය පුවත් ප්‍රචාරය නොකරන්නැයි ට්‍රම්ප් මාධ්‍ය ආයතනවලින් ඉල්ලයි


ජාතියක් වශයෙන් අමෙරිකා එක්සත් ජනපදය මාරාන්තික  කොරෝනාවට එරෙහිව සටන්වදිමින් සිටින මේ මොහොතේ වයිරසය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින්නැයි අමෙරිකානු ජනපති  ‍ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි.

අපිට ජීවිත රැක ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා මාධ්‍ය ආයතන ජනතාව තුළ බියක් ඇතිකරමින් ඔවුන්ට කලබලයට පත්කිරීමෙන් වැළකිය යුතු බවත් ධවල මන්දියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමෙරිකානු ජනපතිවරයා අවධාරණය කළේය.

කිසිදු මාධ්‍ය ආයතනයක නම් සඳහන් නොකරමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකළේය.

මාධ්‍ය ආයතන මෙසේ සිය ග්‍රාහක සමීක්ෂණ අගයන් ඉහළ නංවා ගැනීමේ අරමුණින් කටයුතු කරන බව තමා උපකල්පනය කරන බවත්, ඔවුන් සොයන්නේ කුමක්දැයි තමන් නොදන්නා බවත් හෙතෙම පැවසීය.

එහෙත් ජනපතිවරයා පෙන්වා දෙන්නේ එවා රටට ඉතා අහිකර බව සහ ජනතාව ඒවා තේරුම් ගැනීම ඉතා නරක තත්ත්වයක් බවයි.

ලෝකයට ද නරක තත්ත්වයක් වන මෙමගින් ඇති කරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.  

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 300,915 පමණ වී තිබේ.

වෛරසය හේතුවෙන් මරණ 8,162 ක් මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වී ඇත.


(ඉන්දියා ටුඩේ ඇසුරෙනි)

-226-