කොරෝනා අස්සේ හොටල් කඩන පහක් මාට්ටු


(කාංචන කුමාර ආරියදාස)

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා ඇති සංචාරක හෝටල් බිඳ ඒවායේ ඇති ගෘහ උපකරණ සහ විවිධ වටිනා භාණ්ඩ සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් පස්දෙනකු සොරාගත් විශාල භාණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ සංචාරක හෝටලයක භාණ්ඩ රැසක් අතුරුදන් වී ඇති බව දඹුල්ල පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂණයකදී මෙම අනාවරණයය සිදු කර ගැනීමට හැකිවී තිබේ.

අත්අඩංගුවට ගත් එක සැකකරු‍ෙකු ගෙන් ප්‍රශ්න කිරීමේදී සංචාරක හෝටල් කඩා බිඳ ඒවායේ භාණ්ඩ සොරාගෙන අලෙවි කර  එම මුදල්වලින් හෙරොයින් මත්කුඩු පානය කිරීම සිදු කළ බව පොලිසියට ප්‍රකාශ කළේ යැයි දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී. එදිරිසිංහ මහතා පැවසීය.

මිට ටික දිනකට ඉහතදී පුද්ගලයකු මෙට්ට කීපයක් හිසේ තබාගෙන රාති කන්දලම පාර ප්‍රදේශයේ ගමන් කරන අයුරු දැක ඇතිවූ සැකය නිසා ඔහුගෙන් කළ විමසීමක් කිරීමේදී නිවසට රැගෙන යන බව පවසා ඇත .

එම සැකය මත මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සියලු තොරතුරු හෙළිවී ඇත .