
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොවිඩ් ව්‍යාප්තියක් පැවතියද පාර්ලිමේන්තුව මේ සතියේ දින හතරම ( අද සිට ලබන 11 වැනිදා සිකුරාදා දක්වා) රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (7) තීරණය කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පස්වරුවේ පැවැත්විණ.

