කොමිෂන් සභාවලට අයදුම්පත් කැඳවීම ඇරඹේ


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැතිවරණ කොමිෂන්  සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් පත්කිරීමට අයදුම්පත් කැඳවීම අද (1) සිට ආරම්භ කෙරෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

අයදුම්පත් කැඳවීමට අදාළ පුවත්පත් දැන්වීම අද පුවත්පත්වල පළ වේ.

අයදුම්පත් බාරගැනීම ලබන 15 වැනි දා තෙක් සිදු කෙරෙන බව  පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂාණී රෝහණදීර  මහත්මිය පැවැසුවාය.

සියලු ස්වාධීන කොමිෂන් සභාවල සභාවල නිල කාලය  විසිඑක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතවීමත් සමග අහෝසි විය.