(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කිරීමට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව ලබන 9 වැනිදා බ්‍රහස්පතින්දා නැවතත් රැස්වීමට නියමිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
සාමාජිකයන් පත් කිරීමට අදාළ වැදගත් තීරණ කිහිපයක් එහිදී ගැනීමට නියමිතව ඇතැයිද කතානායකවරයා ප්‍රකාශ කළේය.
මුදල් කොමිෂන් සභාව, ප්‍රසම්පාදන කොමිෂන් සභාව විගණන කොමිෂන් සභාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව අධිකරණ සේවා කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ මානව හිමිකම් කොමිෂන් සභාව අලුතින් සාමාජිකයන් පත් කිරීමට නියමිත සෙසු කොමිෂන් සභා වේ.
එම කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී.

