කොටුවේ බැංකුවක 44 කට කොරෝනා


(රන්ජන් කස්තුරි)

කොළඹ කොටුවේ පිහිටි ප්‍රසිද්ධ බැංකුවක  සේවකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

එම බැංකු සේවකයන්ට අවස්ථා කීපයකදී සිදු කළ පී.සී.ආර්. පරික්ෂණවලින්  එම රෝගීන්  හඳුනාගත හැකි වූ බව ද සෞඛ්‍ය අංශ කියයි.

එම ආසාදිතයන් රෝහල්ගත කර ඇති අතර  අනෙකුත් ආශ්‍රිතයන්  නිරෝධායනයට ලක් කළ බව ද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් කීය.