(මහින්ද නිශ්ශංක )
කොළඹ කොටුව හා කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය ජනවාරි 31 දා සිට දිනපතා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 8.00 ට පිටත් වීමට නියමිත දුම්රිය පසුදා අළුයම 4.35 ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 8.00 ට පිටත් වන දුම්රිය පසුදා අළුයම 4.40 ට ළගා වීමට නියමිත බවත් දෙපාර්තමේන්තුව සදහන් කරයි.