කොටියෙක් නිසා ලිඳුල ගමක් බියෙන්


(රංජිත් රාජපක්ෂ)

ලිඳුල නාගසේන හීල් කූල්ට්‍රි වතු යායේ සැරිසරන හොදින් වැඩුනු කඳුකර කොටියකු නිසා එම වතුයායේ සේවය කරන වතු කම්කරුවන් දැඩි ලෙස භීතියට පත් ව සිටිති.

කඳුකර කොටියා ගොදුරු සොයා තම වතු නිවාස ආසන්නයට පැමිණ සුරතලයට ඇති කරන සුනඛයන් ගොදුරු  කර ගන්නා බවත්, මේ වන විටත් තම වතු යායේ සුනඛයන් ගණනාවක් කඳුකර කොටියා රැගෙන ගොස් ඇති බවයි.

එම වතුයායට මායිම්ව සහ රක්ෂිතය වෙන් කරමින් දැල් වැටක් ඉදි කර තිබුණද එම දැල් වැට කඩාගෙන කදුකර කොටියා තම නිවාස අසළට ගොදුරු සොයා පැමිණෙන බවයි භීතියට පත් එම වතුයායේ වතුකම්කරුවන් කියා සිටි‍යේය