කොටි වළ දැමූ රන් සෙව් 10ක් අල්ලයි


( සිතුම් චතුරංග)

කිලිනොච්චිය, තිරුණගර්හ හි එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදමා අ‍ැති රත්‍රං සොයා කැණීම් කල දස දෙනකු ඊයේ (25) භූමිය පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත්බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

කිලිනොච්චිය යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත කිලිනොච්චිය පොලිසිය හා එක්ව සිදුකළ වැටලීමකදී සැකකරුවන් පිරිස සහ කැණීම් කළ උපකරණ අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය. 

කැණීම් කළ ස්ථානයෙෙ රත්තරන් පවතින බවට පුද්ගලයකු විසින් සැකකරුවන්  පිරිස වෙත තොරතුරු ලබාදී අ‍ැති අතර එම ස්ථානය ස්කෑනර් යන්ත්‍රයක් මගින් පරීක්ෂා කරමින් කැණිම් සිදුකොට අ‍ැති බවද පොලිසිය පැවසීය.

යුද සමයෙ එල්. ටි.ටි.ඊ සංවිධානය විසින් රත්‍රං සඟවා අ‍ැති බවත් සැකකරුවන් දීර්ඝ කාලයක් අදාල ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව කැණීම් සිදුකර ඇති බවත් කැණිම් සිදුකරන ස්ථානයට ජලය ගලා එ‍්ම හේතුවෙන් ජල මෝටර යොදා එම ස්ථානයෙ ජලය ඉවත්කර අ‍ැති බවයි. අත්අඩංගුවටගත් සැකකරුවන් කෑගල්ල, මාවනැල්ල, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.