කොටහේනේ වෙඩික්කරු අල්ලන්න මහජන සහාය ඉල්ලයි


(ගයාන් සූරිය ආරච්චි)

කොටහේන සුමිත්තාරාම ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයකුට සහ කාන්තාවකට වෙඩි තබා පලා ගිය  වෙඩික්කරු හඳුනා ගැනීම සඳහා පොලිස් මූලස්ථානය මහජන සහාය ඉල්ලයි.

එම වෙඩි තැබීම ඉකුත් 16 වැනිදා සිදු කර තිබූඅතර වෙඩික්කරුවන්ට පලායෑම සඳහා ආධාර අනුබල දුන් සැකකරුවෙකු කොටහන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී වෙඩික්කරුගේ යයි සැක කරන ඡායාරූපයක්  අපරාධ වාර්තා කොට්ඨාශයේ නිලධාරියකු විසින් චිත්‍රණයට නඟනු ලැබීය.

 එම වෙඩික්කරු වයස අවුරුදු 30 ත් 35 ත් අතර පසුවන  උස අඩි 5 ක් සහ අඟල් 9 ක් උසින් යුත් තලෙලු රවුම් මුහුණක් ඇති පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් කොටහේන  පොලිසියේ ස්ථානාධිපති 0718591571 යන දුරකථන අංකයෙන්  අමතන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටි.