(යොහාන් භාසුර )
කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය වසරට සාපේක්ෂව 36.1 කින් ඉහළ ගොස් ඇති බවත් තෝරාගත් සමාගම් 20 කින් සමන්විත එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 41.76 කින් ඉහළ ගොස් ඇති බවත් කොළඹ කොටස් හුවමාරුවේ ශාඛා ජාල කළමනාකරු නිශාන්ත වටගල්ල මහතා පැවසීය.
දේශීය ආයෝජකයන් විශාල වශයෙන් කොටස් වෙළඳපොළට යොමුවීමෙන් මෙම දර්ශකයන් ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ගනුදෙනු සංඛ්‍යාවේ විශාල වර්ධනයක් ප්‍රදර්ශනය කරන බවත් නිශාන්ත වටගල්ල මහතා කීය.
ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ දකුණු ආසියාවේ හොඳම ක්‍රියාකාරී කොටස් වෙළඳපොළවල් අතරින් දෙවැනි ස්ථානයට පත්ව ඇති බවත් ප්‍රවාහන අංශයේ ගනුදෙනු සියයට 59 කින් සහ මෘදුකාංග සේවා සියයට සියයට 57 කින් ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.