
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
බස්නාහිර පලාතේ තැන තැන නවත්වන දුර ගමන් සේවා මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ වැටලීමේ වැඩසටහනක් අතර එහිදී ධාවන කොන්දේසි උල්ලංඝනය කළ බස් රථ විසි හතක මාර්ග බලපත්‍ර භාරයට ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පවසයි.
දුර ගමන් සේවා බස් රථ බස්නාහිර පළාතට ඇතුළු වීමෙන් පසුව තැන තැන නවත්වා මගීන් නංවා ගන්නා බත් එම අවස්ථාවලදී දුරබැහැර සිටින පැමිණෙන මගීන් රස්තියාදු වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබී තිබූ පැමිණිලි රැසකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණි.
එහිදී බස්නාහිර පළාතට ඇතුළු වීමෙන් අනතුරුව දුර ගමන් සේවා බස් රථ නැවැත්වීමට නියමිත නැවතුම් පළවල නොනවත්වා කෙටි ගමන් සේවා නැවතුම් පළවල් වලින් මගීන් නවත්වා ගන්නා අයුරු නිරීක්ෂණය වී තිබේ.
ඒ අනුව එසේ මගීන් නංවා ගත් බස් රථ 27 මාර්ග බලපත්‍ර භාරයට ගත් බවත් එම බලපත්‍ර වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගමනාගමන කොමිෂන් සභාවට ලබාදීමට නියමිත බවත් සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පවසයි.

