
( සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් රැගෙනඑමින් තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින්යුත් කේරළ ගංජා කිලෝ 174 යි ග්‍රෑම් 50 ක් හා වියලි කහ කිලෝ පහක් සමඟ ධීවරයින් දෙදෙනකු යාපනය තොන්ඩමන්ආරු මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදාව වෙත ලැබුණ තොරතුරකට අනුව සැකකටයුතු ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී යත්‍රාවේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පැවසීය.
අත්අඩංගුවටගත් ධීවරයින් දෙදෙනා ඉන්දීය මුහුදු සීමාවටගොස් ඉන්දීය ධීවරයින්ගෙන් කේරළ ගංජා තොගය හා කහ තොගය මිලදිගෙන ඇතැයිද පැවසීය.
සැකකරුවන් මුලතිව් හා යාපනය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 ත් 34 වයසේ පසුවන්නෝ වෙති.
අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලිසිය වෙත භාරදීමට නියමිතව තිබුණි.

