කේරළ ගංජා සමඟ සිවිල් ආරක්ෂකයා මාට්ටු


(දයාරත්න ඇඹෝගම)

නෙරියකුලමේ සිට යතුරු පැදියකින් රුපියල් දෙලක්ෂ විසි දහසක් වටිනා කේරල ගංජා කිලෝ එකක් රැගෙන යමින් සිටි සිවිල් ආරක්ෂක භටයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සියඹලාගස්වැවදි අත්අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙරියකුලම ප්‍රදේශයේ රාජකාරියේ නිරත 39 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයෙකු සහ එම ප්‍රදේශයේම පදිංචි 58 හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි.

පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලිමේදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් කේරල ගංජා ප්‍රවාහනය කරදෙන එක්වතාවකට සැකකාර සිවිල් ආරක්ෂක භටයාට රුපියල් දස දහසක් ලබාදෙන බවට පොලිසිය විසින් සිදුකළ මුලික විමර්ෂණයේදි අනාවරණයවු බවද පොලිසිය කියයි.

සැකකරුවන් මේ ආකාරයට දිර්ඝ කාලයක් තිස්සේ මැදවච්චිය ප්‍රදේශයට මෙලෙස කේරල ගංජා රැගෙනවිත් ඇති බවද පොලිසිය කීය. සැකකරුවන් අද (24)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.