කේරළ ගංජා සමඟ ඕමන්තේ දී කාන්තාවක් පොලිස් බාරයට


(  සිතුම් චතුරංග)

යතුරු පැදියක සඟවා රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා කේරළ ගංජා කිලෝ දෙකක් රැගෙනයමින් සිටි කාන්තාවක ඕමන්ත, පාලමොට්ටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව ඕමන්ත පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක්මත ඕමන්ත පොලිස් නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකාරිය හා කේරළ ගංජා තොගය අත්අඩංගුවටගෙන තිබේ.

 
අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගය සැකකාරිය විසින් කිසියම් ප්‍රදේශයක සිට රැගෙනවිත් ප්‍රදේශයේ තරුණයින් වෙත අලෙවිකිරීම සිදුකරන බවද පැවසීය.
 
දීර්ඝ කාලයක සිට සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී ඇති බවට තොරතුරු අනාවරණයවූ බවද පොලිසිය පැවසීය.
 
අත්අඩංගුවටපත් සැකකාරිය වවුනියාව නෙළුක්කුලම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක වේ.
 
          සැකකාර කාන්තාව වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග අනුව ප්‍රශ්න කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.