කොළඹ යළි අනවසර ඉදිකිරීම් බෑ


(අංජුල මහික වීරරත්න)

කොළඹ දිස්ත්‍රික්කයේ අනවසර ඉදිකිරීම් වලට කිසිම ඉඩක් දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය කීවාය.

කොළඹ දිස්ත්‍රික්කයේ අනවසර ඉදිකිරීම් සඳහා අනුමැතිය දීම හෝ සංවර්ධනය කටයුතු මුවාවෙන් ජනතාව අවදානමේ හෙලන ජනාවාස ඉදිකිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවද  අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව කීවේ කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දී මෙම රැස්වීම පැවැත්විණි. 

කොළඹ දිස්ත්‍රික්කය ගංවතුර නිසා මෙතරම් අවදානමට ලක් වී ඇත්තේ කිසිදු සැලසුමක් හෝ නීති රීති පිළිබඳ අවබෝධයක් නොමැතිව සිදුකරන ලද ඉදිකිරීම් හේතුවෙන් බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

අතිශය පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍ර අනුව ගත් තීන්දු තීරණ නිසා දිස්ත්‍රික්කය සහ ජනතාව මෙලෙස අවදානමට ලක් වී තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය.