කෙහෙළියට රට යන්න අවසර


(මනෝප්‍රිය ගුණසේකර)

මෙරට ජනතාවට හා සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා සමුළු තුනකට සහභාගී වීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන්  තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (01) නියම කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සංවිධානය කරන “සෞඛ්‍යය මූල්‍යකරණ හා ආර්ථික අභියෝග සමුළුවට” දකුණු ආසියානු කලාපීය රටවල්වල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගීවන ඉන්දියානු සමුළුවට සහ පොදු රජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍ය වරුන්ගේ සමුළුවට සහභාගි වීමට අවසර දෙන්නැයි දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් පිළිගනිමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියම කළ විනිසුරුවරයා පෙබරවාරි 21 සිට මැයි 20 දක්වා කාලය තුළ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඔහුට විදේශගත වීමට අවසර දුන්නේය.

අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී”අයි” බට මිලදී ගෙන රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප නියම කිරීමේදී අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළකාලමින් නියෝගයක් පනවා තිබිණී.