(ඉන්දිකා රාමනායක)
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකුව සිටී කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ ගෝලයෙකු හොරොයින් සමග ඊයේ (3) සවස අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම සැකකරු සන්තකයේ සාත්තු හැඳුනුම්පතක් සහ රියදුරු බලපත්‍රයක් ද තිබී ඇත.
මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණ තොරතුරකට අනුව ඊයේ සවස සිදුකළ සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.

