(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කෙසෙල්වත්ත වේල්ල වීදිය ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකර යතුරු පැදියකින් පලායමින් සිටි පාතාල සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී මිලිග්‍රෑම් 2,200ක් ද තිබී සොයා ගනු ලැබිණි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඩුබායිහි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දිනුක මධුෂාන් හෙවත් කෙසෙල්වත්ත දිනුක යන අයගේ සමීපතම ගෝලයකු බව පොලිසිය කියයි.
ඉකුත් පෙබරවාරි 17වැනිදා සංජීව දිල්ෂාන් නමැත්තෙකු නිවස බලා යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි සැකකරු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතබා පලාගොස් තිබිණි.
මෙම වෙඩිතැබීමෙන් ඔහු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ශාන්ත සෙබස්තියන් වීදියේ පදිංචි 36 හැවිරිදි තැනැත්තෙකි.
සැකකරු මාළිගාවත්ත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

