(විමුක්ති එස් රුද්‍රිගු)
මාස 13 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිරවී සිටින බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන 35 හැවිරිදි කෙලී ෆ්‍රේසර් නැවත ආරක්ෂිතව එක්සත් රාජධානියට ගෙන්වා ගැනීම සඳහා එරට පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෙන්ඩි චෙම්බර්ලින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් අද(29) මුණගැසීමට නියමිතව තිබූ බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
එහිදී කෙලී ෆ්‍රේසර් නැවත ආරක්ෂිතව එක්සත් රාජධානියට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෙන්ඩි චෙම්බර්ලින් එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළ බව ඩේලිමේල් පුවත්පත පෙන්වා දී තිබේ.

