කෙරවලපිටියට ‘නැප්තා’ ලීටර් ලක්‍ෂ 10 ක්


(යොහාන් භාසුර)

කෙරවලපිටිය විදුලි බලාගාරයට ‘නැප්තා’ ලීටර් ලක්‍ෂ 10 ක් ලැබුණු බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම ‘නැප්තා’ බලාගාරයට ලබාගැනීම අද පෙරවරු 6.00 ට ආරම්භ කළ බවත් සම්පූර්ණ ප්‍රමාණය ලබාගැනීමට අවම වශයෙන් පැය 13 ක කාලයක් ගතවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.