(සුජිත් හේවාජූලිගේ සහ මංජුල මහික වීරරත්න)
ගුණාත්මකභාවයෙන් හා ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්‍රික් ටොන් 80,000ක් 2019 වර්ෂයේදී වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි විගණන වාර්තාවල සඳහන් වන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ දිස්තිරික්ක මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පොහොර සම්බන්ධයෙන් මැතිසබයේදී ඊයේ (6) මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අළුත්ගමගේ මහතා එහිදී මෙසේද කීය.
පාර්ලිමේන්තුවේදී අද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මැතිතුමා ප්‍රකාශයක් කළා මේ ආණ්ඩුවෙන් ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්‍රික් ටොන් 2000ක් ගෙනල්ල තියනවා කියලා.2014 අපේ රටට ආනයනය කරන පොහොර වල බැර ලෝහ තිබෙම නිසා මෙම ප්‍රමිතිය වෙනස් කරන්න කියල රජය තීරණයක් ගන්නවා.

