
(යොහාන් භාසුර)
ඉන්දීය පිලට එරෙහිව ලබන ඉරිදා ආරම්භ වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්වීම නිසා තරගාවලිය අහිමිවී තිබේ.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසුවේ කුසල්ගේ උරහිස ආබාධය නැවතත් උත්සන්න වීම නිසා ඔහුට සති හතරත් අටත් අතර කාලයක් විවේක ගැනීමට සිදුව ඇති බවයි.
ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින්නා ද වන 30 හැවිරිදි ප්‍රවේගකාරී පිතිකරු කුසල් එක්දින ජතා්‍යන්තර 107 කදී ශ්‍රී ලංකා පිල නියෝජනය කර තිබේ.
ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින තරුණ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ද ආබාධයකට ලකම්ම නිසා තරගාවලිය අහිමිවී තිබේ.

