
(දිනේෂ් උපේන්ද්‍ර)
සිසුවියන් දෙදෙනකු ඇතුලු තිදෙනකුට මරු කැඳවමින් කුලියාපිටියේ දී සිදු වූ මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථ රියදුරා සැප්තැම්බර් මස 8 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද නියම කළේය.
එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතවූයේ මූදුකටුව මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ වර්ණකුලසූරිය සුලන්ත නිමේෂ් ප්‍රනාන්දු නැමැති 23 හැවිරිදි අයෙකි.
බී වාර්තාවක් මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මෙය දැඩි නොසැලකිලිමත් රියධාවනය නිසා සිදු වූ අනතුරක් බවයි.
සැකකරු අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කළ අවස්ථාවේ බැලූ බැල්මට මත්ද්‍රව්‍ය භාවිත කර තිබූ බවක් නොපෙණුන ද වැඩිදුර පරික්ෂණයක් සඳහා සැකකරුගේ ලේ හා මුත්‍ර සාම්පල් ලබාගත් බවපොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
එහිදී පොලිසිය කියා සිටියේ සැකකරු පැය 24ක් නොනිඳා සේවය කර ඇති බව අනාවරණය වූ බවත් අනතුරට ලක්වූ වෑන් රථයේ රියදුරු එම අනතුර වලක්වාගන්නට දැඩි උත්සහයක් ගෙන ඇති බවත් අධිකරණයේදී කියැවිණි.
තද තිරිංග සලකුණ හා පාලමේ වැටටම හේත්තු කර නවතාගන තිබීමෙන් එය තහවුරු වූ බවයි.

