කුරුල්ලන් නිසා ආත්තිකුලම ගොවීහු පීඩාවට


( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

කුඩා පක්ෂීන් රංචු ලෙස දහස් ගනනක් තම කුඹුරු වල කිරි වැදුන ගොයම වැනසිමත් සමග එය ආරක්ෂා කර ගැනිමට පවුල් පිටින් පැමිණ දවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදුව ඇති බව ආණමඩුව ආත්තිකුලම ගොවිහු පවසති.

ගොවින් පවසන්නේ මෙවර මහ කන්නයෙ වගා කල කුඹුරු වල කිරී වදිමින් ඇති ගොයම මෙසේ දහස් ගනනින් රංචු ලෙස කඩා වදින පක්ෂීන් පැය කිපයකින් වනසා දැමිම සිදුවෙන බවයි.

එසේ පක්ෂීන්ගෙන් ආරක්ෂා කර ගැනිමට අලුයම කුඹුරට පැමිණ නැවත උදේ 9 පමන වන විට නිවෙස් වෙත ගොස් ආපසු සවස තුන පමන වන විට පැමින සවස හය වන තුරු රැදි සිට නිවෙස් යාමට සිදුව මෙම ගොවිහු මහත් වේදනාවෙන් පවසති.

ගොවින් පවසන්නේ වල් අලින්ගෙන් සිදුවන හානි වලට අමතරව රිලවුන්,මොනරුන්, වල් ඌරන් ,ඉත්තෑවන් ඇතුළු වන සතුන්ගෙන් දිගින් දිගටම බැට කමින් වගා කරමින් ඇති තත්වයක් මෙසේ පක්ෂීන් දහස් ගනනක් තම කුඹරු වැනසිම බරපතල කරුණක් වී ඇති බවයි.

මෙම කුඩා පක්ෂීන්ගෙන් මේ වන විට බරපතලම ගැටළුවට මුහුණ දී ඇති ආත්තිකුලමට ගම්මානයෙ පිහිටි වී වැව,සියඹලාවැව,දේවාල වැව,ගොමවැව,තරණගහවැව යන වැව් යටතේ වගා කර ඇති අක්කර 150 ක පමන කුඹුරු යායකින් කිරි වදිමින් ඇති කුඹුරු වලට බව ගොවිහු පවසති.

ගොවින් පවසන්නේ රතිඤඤා, අහස් වෙඩි පත්තු කරමින් මෙම කුඩා පක්ෂීන් එළවා දැමිමට තමන් විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවයි.

ඒ සමග කුඹුර වටා තැනින් තැන තහඩු සකස් කර ඒවාට ලී වලින් පහර දෙමින් ද මෙම පක්ෂීන් එළවා දැමිමට කටයුතු කරන බවද කියයි. එයටද අමතරව කුඩා හිස් කැන් රැගෙන ඒවා ලීයකින් පහර දෙමින් කුඹුර වටා ගමන් කිරීමටද කටයුතු කරන බව මෙම ගොවිහු පවසති.