
(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
තමා නමට කුඹුර ලියා දෙන්නැයි බල කරමින්වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ පිහිටි සිය සහෝදරයාගේ නිවසට පැන වයස්ගත මවට,පියාට හා නෑනාට පොල්ලකින් පහර දී තුවාල සිදු කළ බව කියන වැලිගම ප්‍රාදේශීයසභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු සැක පිට අත්අඩංගුවටගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබු මව මාතර මහ රෝහලට ද පියා අහංගම රජයේ රෝහල වෙතද ඇතුළත් කර සිටී.
සැකකාර මන්ත්‍රීවරයාගේ සහෝදරයාගේ නිවසේ නැවතී සිටින මව හා පියා ඔහුගේ ඉල්ලීමට අනුව කුඹුර නීත්‍යානුකූලව පවරා දීමට අදිමදි කිරීම මෙම සිද්ධියට හේතු වී තිබෙන බව කියති.
කෙසේ වෙතත් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා ඔහුගේ සහෝදරයා වැලිගම මූලස්ථාන පොලීසිය හා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත පැමිණිලි කර තිබේ.
සැකකාර මන්ත්‍රීවරයාගේ පවුලේ සමීපතමයින් කීහිප දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔහු නීරෝධායනයට යොමු කර සිටීම අත්අඩංගුවටගැනීම ප්‍රමාදවී තිබෙන බව උසස් පොලිස්නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් නීරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගන්නා බවද එම නිලධාරියා වැඩිදුරටත්කීය.


