විනීතා එම් ගමගේ
පුත්තලමේ අරුවක්කාඩු පෙදෙසට කොළඹ කුණු ගෙනැවිත් දැමීමේ ව්‍යාපෘතිය හකුලා ගන්නා තුරු ජනතාව සමඟ එක්ව අරගලයක් දියත් කරන බව වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.
පුත්තලමට කුණු ගෙනැවිත් දැමීමට සුදානම් වෙද්දි තමන් මුල සිටම විරුද්ධ වූ බවත් පුත්තලමට කුණු මිස වෙන කිසිම සැලකිල්ලක් නැති බවත් හෙතෙම සඳහන් කළේය.
පාඨලී ඇමතිවරයා කිසි දෙයක් ගණන් නොගෙන සුපුරුදු චණ්ඩි පාට් පෙන්වමින් පුත්තලමේ පොහොට්ටු සභාපතිවරයා සමඟ එක්ව මෙකී ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නේ යැයි ද රංගේ බණ්ඩාර මහතා චෝදනා කළේය.
කොළඹ කුණු කළමනාකරණය කරනවා මිස රටේම කුණු පුත්තලමට ගෙනත් දමන එක සාධාරණ දැයි විමසූ රාජ්‍ය අමාත්‍යවරයා කොළඹින් පුත්තලමට යන්නට ලොරියකට පැය හතරක් වත් යන බව ද කීවේය. දුම්රියෙන් කුණු ගෙන යන බව කීවත් දුම්රිය පාර එක අඩියක් වත් දික් කර නැතැයි ද මේ ව්‍යාපෘතියෙන් සිදුවන්නේ කොළඹ සිට වනාතවිල්ලූවට යනතුරු සම්පූර්ණයෙන්ම කිලෝ මිටර් 200 ක් විෂබීජ පැතිරවීම හා ගඳ ගැස්සවීම පමණකැයි ද හෙතෙම සඳහන් කළේය.
අරුවක්කාඩු සංවේදී ප‍්‍රදේශයක් යැයි පෙන්වා දුන් රංගේ බණ්ඩාර මහතා එක පැත්තකින් මුහුද හා කළපුවත්, අනෙක් පසින් විල්පත්තුව, ජනතාව වෙසෙන ප‍්‍රදේශ. තව පසෙකින් නිල බැම්ම ව්‍යාපාරය හා පානීය ජලය ලබාගන්නා කලාඔය ජල දහරත් ඇති මෙම පෙදෙසට කසළ අංගනයක් ඉදිකිරීම සාධාරණ දැයි ප‍්‍රශ්න කළේය.
කුණු ව්‍යාපෘතිය හකුලා ගන්නා තුරු සටන් කරන බව ඇමැති රංගේබණ්ඩාර කියයි
Recommended Articles