
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් නවගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශයේ සිදුකළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර වෙළඳ සැල් නවයකට නඩු පවරා නිවේදන නිකුත් කළ බව කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
නවගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ජී.එස් රන්දිම මහතාගේ මෙහෙයවීමෙන් හෝටල් බේකරි ආපන ශාලා සුපිරි වෙළද සැල් දහකි තුනක් පරීක්ෂා කිරීමේදී ඉන් ස්ථාන නවයකට මෙසේ කඩුවෙල අධිකරණයේ නඩු පැවරූ බව පැවසේ.
එහිදී මාළු වෙළද සැලක නරක් වූ මාළු ශීතකරණයක තබා තිබියදී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට හමු වූ අතර ඒ ඒ පිළිබඳ විමසීමේදී වෙළඳ සැල් හිමිකරු ඒවා නරක් වූ ඒවා බැවින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලට ආපසු යවන ඒවා බව පවසා පසුව ඒවා නරක් වී නොමැති බවත් නරක් වූ මාලූ ආහාරයට ගන්නේම නැද්දැයි ආදී වශයෙන් විමසීමත් සමඟ මහජන පරීක්ෂක නිලධාරීන් සිය ආහාර පනතේ බලය භාවිතා කරමින් එම මාලු කිලෝ 20 විනාශ කිරීමට පියවර ගත් බව පැවසේ.
ඊට අමතරව සුපිරි වෙලද සැලක රතු සීනි මළකඩ සහිත පෙට්ටියක බහා තිබීමත් ශීතකරණයක නිසි උෂ්ණත්වය නොමැතිවීමෙන් අයිස් ක්‍රීම් අයිස් කප් හා අයිස් කෝන් ගබඩා කර තිබීමෙන් ඒවා දියවී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් පැවතීම නිසා අයිස් ක්‍රීම් බදුන් 122 සමග ශීතකරණයට මුද්‍රා තබා අධිකරණය නඩු පැවරූ බව කියයි.

