(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බව කියන පානදුර සලිදු" නැමැත්තා ගේ මත්කුඩු කේතුමතී කාන්තා රෝහලට අයත් ගිලන් රථයකින් ප්‍රවාහනය සිදුකිරීම සම්බන්ධයෙන් එම රෝහලේ ගිලන්රථ සහායකයකු ද අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
සැකකාර ගිලන්රථ සහායකයාට මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සහාය දැක්වීම වෙනුවෙන් වරින් වර මුදල් ලබාදී ඇතැයිද අනාවරණය වූ බව පොලිසිය කියයි
ගැබිනි කාන්තාවක් රැගෙන කේතුමතී කාන්තා රෝහලේ සිට පානදුර මූලික රෝහල කරා පැමිණි අවස්ථාවේදී යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් දෙදෙනකු ගිලන් රථ රියදුරා අසලට පැමිණ වෙඩි තැබූවද ගිනි අවිය අක්‍රීය වීම හේතුවෙන් වෙඩි ප්‍රහාරය එල්ල නොවිණි
එකී සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ගිලන් රථ රියදුරා පානදුර සලිදු නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන චරිතයක් වී පොලිසියට ඔත්තු ලබා දීම මෙම වෙඩි ප්‍රහාරයට හේතු වී තිබූ බව පොලිසිය කියයි.
ඒ සමබන්ධයෙන් කළ දීර්ඝ පරීක්ෂණයෙකින් පසු ගිලන් රථ සාහයකයාද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

