කිලෝ 60ක මත්කුඩු සමග 9ක් අත්අඩංගුවට


ගාලු වරායට ආසන්න මුහුදේදී විදෙස් යාත්‍රාවක තිබී හෙරොයින් බවට සැකකරන මත්කුඩු කිලෝ 60ක් සමග පුද්ගලයන් නවදෙනෙකු අද(12) අත්අඩංගුවට ගෙන ඇත.
 
නාවික හමුදා නිලධාරීන් කළ වැටලීමකදී මෙම මත්කුඩු සහ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකටයුතු ධීවර යාත්‍රාවක තිබී මේවා සොයාගත් බව නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.

පරීක්ෂණ කටයුතු සදහා එම යාත්‍රාව මේවනවිට ගාලු වරායට රැගෙනවිත් ඇති බවත් නාවික හමුදාව ප්‍රකාශ කරයි.