
(ප්‍රදීප් කුමාර)
කිලිනොච්චිය භාර්තිපුරම් ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි සැකකරුවන් 08 දෙනකු කිලිනොච්චිය පොලිසිය මගින් ඉකූත් (20) දා අත්අඩංගුවට ගෙන තිබේ.
කිලිනොච්චිය භාරතිපුරම් ප්‍රදේශයේ පිරිසක් පුරාවස්තු සොයා කැනීම් සිදු කරනු ලබන බවට කිලිනොච්චිය පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කල බව කිලිනොච්චිය පොලිසිය සදහන් කරයි.
මෙහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට මෙම නිදන් හැරීම සදහා සම්බන්ධවී ඇති අතර ඒ අනුව ඔවුන් යාපනය, පිළියන්දල, මුන්දල, උකුවෙල හා දුම්මලසුරිය යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 32 ත් 58 ත් අතර සැකකරුවන් බවට පොලිසිය හදුනාගෙන තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

