(යොහාන් භාසුර)
කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩය හිඟය පිළිබඳව ජීවන වියදම් කමිටුවේ යෝජනා ලබන සඳුදා (27 වැනිදා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ පිළිබඳව අවසන් තීරණය කැබිනට් මණ්ඩලය ගතයුතු බවත් ජීවන වියදම් කමිටුවේ සාමාජික පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව ‘සූම්’ තාක්‍ෂණය ඔස්සේ ඊයේ (24) පෙවරුවේ රැස්විය.
කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල, අත්‍යවශ්‍ය භාණ්ඩය හිඟය සහ ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ වරායෙන් නිදහස් කරගැනීමට නොහැකිව තිබෙන තත්වය ආදි ප්‍රශ්න සහ කරුණු රැසක් ඊයේ රැස්වූ ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කළ බව කී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එහි වාර්තාව කැබිනට් මණ්ඩලයට ලබන සඳුදා ඉදිරිපත් කරනු ඇතැයි ද සඳහන් කළේය.
ජීවන වියදම් කමිටුවේ යෝජනාවල අවසන් තීරණය ගැනීමේ අවස්ථාව කැබිනට් මණ්ඩලයට ඇති බවත් මිල වෙනස්වීම හෝ නොවීම කැබිනට් මණ්ඩලය තීරණය කරනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

