(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සිව් දිනකට ඉහතදී කෑගල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 33 කට අධික දේපලක් සොරාගත් පුද්ගලයකු බවට අනාවරණය කරගැනීමට හැකිවූ බව බොරැල්ල පොලිසිය කියයි.
සැකකරු ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ගෑම් 50 කට අධික බරකින් යුත් රන් මුදු , වළලු , අත් පළඳනා , මාල , ජංගම දුරකථන , ලැප් ටොප් පරිගණකයක්, පවුම් දෙකක අත් පලඳනවාක් උගස් තබන ලද රිසිට්පතක් හා රුපියල් 15,000 ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
පෙරේදා (18) අපරාධ හා දූෂණ මෙහෙයුම් රාජකාරී යෙදී සිටි නිලධාරීන් කණ්ඩායමක් විසින් ලැප් ටොප් පරිගණකය රන් මුදුවක් සහ ඩොංගලයක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ මෙම පුද්ගලයා රැගෙන විත් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ඉකුත් 14 වෙනි දින කෑගල්ල පොලිසියේ නිවසක් බිඳ රුපියල් 3,349,000 පුද්ගලයා බවට අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි.