( රවීන්ද්‍ර ලියනගේ )
කැස්බෑවන් දෙදෙනකු මරා මස් කරමින් සිටි ධිවරයින් දෛනකු කැස්බෑ මස් කිලෝ 35 සමඟ අද (06) උදැසන කොළින්ජාඩිය වෙරළ ප්‍රදේශයේදි අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ බටහිර කොලින්ජාඩිය ප්‍රදේශයේ පදිංචි 40 හා 45 වයස්වල පසුවන ධිවරයින් දෙදෙනකි.
ධිවරයින් දෙදෙනා මසුන් ඇල්ලිමට මුහුදු ගොස් සිටියදි කැස්බෑවන් දෙදෙනා අල්ලා මස් කර ගොඩ බිමට ගෙනවිත් විකිණිමට පැකැට් කරන බවට ලද තොරතුරක් අනුව පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.
වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.