
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කැස්බෑව අධිකරණයේ සේවයේ නියුතු නීතීඥ අඹුසැමි යුවළකට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම අධිකරණයේ සාමාන්‍ය රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය (19) දා පැවසුවාය.
එහෙත් හදිසි හා අත්‍යවශ්‍ය සේවා කටයුතු පමණක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වාගෙන යාමට උපදෙස් දී ඇති අතර සාමාන්‍ය සේවා කටයුතු මෙසේ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව පැවසේ.
නීතිඥ අඹුසැමි යුවළට වයිරසය ආසාදනය වී ඇති බව වාර්තාවීමත් සමඟ මෙම පියවර ගත් බවත් ආසාදිතයින් අවසන් වරට අධිකරණයට පැමිණ ඇත්තේ ඉකුත් 11 දා බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය පැවසුවාය.
ඒ අනුව අධිකරණයේ සේවයේ නියුතු නීතිඥ මණ්ඩලය ඇතුළු කාර්යමණ්ඩලයේ විසිදෙනකු 20 දා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිත අතර අධිකරණ භූමිය මේ වන විට සම්පූර්ණ විසබීජ හරණයට ලක් කර ඇති බව ද වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය කීවාය.

