කැසට් යන්ත්‍රය ශබ්දයෙන් දැම්මැයි පිහියෙන් ඇණ මරලා


(ගයාන් සූරියආරච්චි)

කැසට් යන්ත්‍රයක් අධික ශබ්දයෙන් දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත තරුණයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව බුලත්කොහු පිටිය පොලිසියය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ ඇඳුරාපොළ, ලැයිම 8 ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණන් ඩිලාන් නැමති 21 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ සැකකරු ඥාතීන් හා අසල්වාසීන් වන අතර කාලයක පටන් ආරවුල් පවතින්නට ඇතැයි පොලිසිය සැකපල කරයි.

එම ඝාතනය සම්බන්ධයෙන් 76 හැවිරි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙනඇත.