
(ලාල්.එස් කුමාර)
අත්අඩංගුවට ගෙන ඇති සිසුන් නිදහස් කරන ලෙසත්, අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ට කොළඹ විශ්ව විද්‍යාලය අසලදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් කැලණිය සරසවි සිසුහු පිරිසක් කැලණිය සරසවිය ඉදිරිපිට විරෝධතාවකට සූදානම් වීම නිසා මහනුවර - කොළඹ මාර්ගය වසා දැමීය.
කැලණිය සරසවි පරිශ්‍රයේ සිට සිසුන් කොළඹ - මහනුවර මාර්ගයට පැමිණෙමින් සිටින බව ද අප වාර්තා කරුවෝ පවසති.
කැරලි මර්ධන පොලිසිය, ජල බවුසර ද කැඳවා ඇත.


